Monday, July 13, 2015

සාරියේ රන් රෝස මල පවා ඔබගේය



ඔබට මා අතැර යන්නට වූ පසු
කිසි දිනෙක නොගියෙමි නුඹ සොහොන වෙත
නුඹ මගේ හදවතෙහි මිස එහි සිටින්නට හැකිද

කුමට පාරවන්නෙද ඔබ පාමුලට විත් පසුගිය මතක
නුඹ නොවන නුඹට මැකී යන්නට දෙමි නිසසලව
සුළඟ හමයි මල් කිනිති සැලෙයි
කඳුකරයේ නිසල බව නුඹ වටා විහිදෙයි

නුඹට යන්නට සිදු වූ පසු ඉවතට
රැගෙන ආවෙමි මම නුඹ මගේ හදවතට
එහෙත් ඉකි නොගැසුවෙමි
යන්නට නොහැකි වෙන ලෙස නුඹට
ඇදී යා යුතුය ඔබ ඉඳින්
වලාවක් වගේ සිහිලෙන් සැහැල්ලුවෙන්

මතකයන්ගේ බරින් මුදාහැර ඔබව
රැගෙන ආවෙමි මල් සුවඳ

මේ බලන්න
මගේ කන් පෙති මත මල් පිපී ඇත
සාරියේ රන් රෝස මල පවා ඔබගේය

Picture - Александр Котенко http://kotenko.35photo.ru/photo_908050/#author/908050

4 comments:

  1. හ්ම්ම්....... යන්නට ගොසිනි බෝ පෙර
    නොපෙනී ඔබේ රුව
    නමුදු ඔබ මා තුල
    දැල්වෙමින් නොනිමී ඇත

    ReplyDelete
  2. හැර යා යුතුම නම් නුඹට
    මා තවත් නම් කුමට රදවම්ද
    කොයි තරම් දුර ගියත් නුඹ
    මම සදා නුඹ අසල

    ReplyDelete
  3. මරණයට වඩා බරයි ඔබේ ආදරය තවම
    හැර යන්න බැහැ තවම ඔබේ උණුසුම් ස්නේහය.

    ReplyDelete

Note: Only a member of this blog may post a comment.