Sunday, July 12, 2015

ඔබටය අයිති කවි



මූලාශ්‍රය ඔබය
ඔබටය අයිති කවි
ඔබ නැත මට අයිති
කුමට මට කවි?

ඔබ හැර වෙන'ය
කියවන කවි
වෙර බඳින පෙම් බඳින
හද වෙළන රැකවි

තත් බිඳින හදෙහි
හඬ මවන කුරවි
මට අයිති නැති කවි
කුමට මට කවි?

Picture - Christine Lange Kielland (Kitty Kielland), from Norway (1843 - 1914)

2 comments:

  1. ගඟක නිල් කෙහෙරැල්ල පසසන කිසිවෙක්
    උල්පතක් ගැන යමක් කියනවද සුමිතුර?
    කඳු හිසත්, ගල්පරත් ගැන කිසි වදනක්
    කියන්නෙද දිය ඇල්ලක රැඳුනු විසිතුර?

    මල් මුවක් වුව බලා ඉන්නේ
    පිණි උරන හිරු රැසට බනින්නයි
    ගං දියක් මුහුදට බසින්නේ
    රැලි පොඩිති ගැන මුහුදටම ආවඩන්නයි

    කවි කියන්නේ මොනවද?
    කොහෙන් ඒ මතුවෙනවද?
    ලියැවෙනව මිස ලියන්නට නොහැකිය වෙහෙස ගෙන,
    කවි කියන්නේ එහෙමය.

    කවි අයිති මහපොළොවට,
    හඬන උන්ගේ කඳුලට,
    තැලෙන උන්ගේ සුසුමට,
    මියෙන උන්ගේ රුහිරට!

    කවි අයිති මහපොළොවට!!

    ReplyDelete
    Replies
    1. මහ පොළොව කියන්නේ ඇසිල්ලක්
      කවියක් කියන්නේ විශ්වයක ගැඹුරක්!

      Delete