
වෙළඳසැලේ කොණෙක ඇති
පළතුරු තට්ටුව සිහියට නැඟේ මට
මිදි පොකුරක් තිබිය හැක එහි
එහෙත් අප්රාණිකය මා එහි ඇවිදයාමට
දොරට තට්ටු කරන්නනි දොර නොඅරිමි
කුණු එකතුකරන්නනි අන් දවසක පැමිණෙන්න
හක හක ගා හිනැහෙන්නා, මුහුද
මට පෙන්නන්න බෑ තොප
කුඩා හඬක් පවා ගොර නදක් වී විසි කරයි මා ඉවතට
පියානෝ නද පවා එපා! නිහඬතාවයි මා පිය
තිර රෙදි සර සර ගා සොලවන සුළඟ
නවතින්න, මට නිදියන්න ඉඩ දෙන්න
පෙම් බඳින්නනි වෙර බඳින්නනි මිථ්‍යාවන් ඔවුන්, ඔවුන් මෙහි නැත
රෝගාතුර වූ කල ලෝකය කිසිවිට online නැත
ඔබේ හැඬුමක් අසා, ඔබ නිවස ඉදිරිපිට වීථියේ
රාත්‍රී සැතපෙන්නෙකු සිනා විය හැක
Offline තරමට කිසිවක් online නැත
Picture - Peter Worswick
ලෝකය කිසිවිට online නැත
ReplyDeleteඅප එහි ස්විචය on කරන තෙක්