Friday, July 17, 2015

ඔබත් මුහුදත් නොදනියි


මගේ ගෙදරට ඈතින් මුහුද පේනවා.. සමහර කාලවල අහස පාට පාට චිත්‍රයක් වගේ.. ඊයේ රෑ කාලගුණය හරි වෙනස්.. වෙන රටක වගේ.. වෘකයෝ හූ කියන්නා වගෙයි මුහුදේ ඉඳන් සුළං හමන්නේ.. මට හරියටම මතක් වුණා කුණාටුවේදී වෘකයන් එක්ක අතරමඟ තනිවුණු කෙනා..

වෘකයන් හූ කියන්නා වගේ සුළං
හමා එන විට උතුරු මුහුදින්
නිවී යන පහන් නොදල්වන්නැයි
ඔබ කියයි
යළි දල්වන්න තරමට
නිවී ගියේ නැත ඔබ කිසි දින
ඔබත් මුහුදත් නොදනියි

Picture - Boris Bogdanov

9 comments:

  1. ගෙදරට ඈතින් මුහුද පේනවා?
    කොයි තරම් වාසනාවක්ද!
    මගේ නවාතැනට වටේටම උස බිල්ඩින් පේන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඔව් බස්සි, මුහුදෙ හෝ හඬ, අතරින් පතර කෝච්චි යන හඬ රෑ පුරා ඇහෙනවා.. සමහර කාලවල දිගටම සුළං.. මැදියම් රැයේ සඳ.. හරිම ලස්සනයි.. තැන තැන පිපිල තියෙන තරු.. ඒත් ඒ දේවල් කලින් කලට වෙනස් වෙනවා.. සමහර කාලවල හැන්දෑ අහස දැක්කම හුස්මගන්නත් අමතක වෙනවා.. මුහුද ළඟ නිසා වෙන්නැති ඒ තරම්ම අහස ලස්සන.. රෝස පාට.. රන්වන් පාට.. නිල් පාට... දිය සායම් බඳුනක් හැලිල වගේ...

      Delete
    2. ඔය පේන්නේ "ගල්කිස්සේ මුහුද" ඔව්වොව් අපේ ගමේ මුහුද තමයි.

      Delete
    3. කඳු මිස මුහුද කිසි විට මගේ යැයි නොකියමි
      කඳු මුදුන්වලට නැඟ මහ මුහුද නරඹමි
      හරිම පුංචියි මහ මුහුද!

      Delete
  2. යළි දල්වන්න තරමටනිවී ගියේ නැත ඔබ කිසි දිනඔබත් මුහුදත් නොදනියි...

    ReplyDelete
  3. මුහුදට මම නම් හරිම කැමතියි. කොයි තරම් වෙලා බලා උන්නත් ඇති වෙන්නෙ නැහැ.

    ReplyDelete
  4. මුහුද කියන්නෙ සුන්දරතම දසුනක්. සිත නිවෙනතැනක්.

    ReplyDelete