Thursday, August 21, 2014

ඉරා දමමු අපි කඳු බඳ තිමිරය



ඔබ ගැයු ගීයක් මට ඇසුණේ නැත
කැලත කැලත නැඟි සකුණ සරය හැර
ඔබ වස්දඬු රැව මිදී ගියාදෝ
අන්සතු උයනක පිපුණු මලක් දැක

සුමුදු පෙමක් මිස අන් කිසිවක් නැත
ඔබේ නමින් මා හද මත සුලලිත
ඒ ආදරයෙන් නෑවී යන කල
ඉරා දමමු අපි කඳු බඳ තිමිරය

සඳ බැස යන පෙරඹර හිරු කැලඹෙන
දිගැති රැයක අවසන් රේඛාවෙත්
මා හද සැළමුතු පෙම ඔබ, ලියලන
සිහිනෙන් තැවරූ උණුසුම් සුවයද

Picture - Igor Medvedev

4 comments:

  1. mechchara kawi adahas kohomada hithanne ? digatama liyanna.. lassana blog ekak :)

    ReplyDelete
  2. ෂහ්! මේක ගීතයක් කරන්න තිබුනනම්.. හරි අපූරු තනුවක් යොදන්න පුලුවන් පද රචනයක්. මෙය ගීයකට ඉතාම කදිමයි.

    ReplyDelete