
ඇඬෙන්නෙත් නැති නිසා හරියට
අඬන්නත් බැරි නිසා හරියට
හෝඩි පොතටම අකුරු විසි කර ඉන්නවා
මලක සුවඳට හඬන කනුකුණු
බමර රැඟුමන් දන්නවා
තවම නොමිදුණු හීනයක අග
තුහින මුතු කැට විලස ගෙල බැඳ
තණ පතක් හිමිදිරි උදෑසන
මනමාලි වී ඉන්නවා
කඳු මුදුන් අග එලා පාවඩ
දිනිඳු එන මඟ විසල් රැස් කඳ
පිනි ඇමිණි සුදු තුහින සේලය
ඉරා විසුරා දමනවා
විසල් නිම්නෙක පිපුණු රන් මල්
වෙතම හිරු ඉඟි පානවා
Picture - Harold Brett, American, 1880–1955
//තවම නොමිදුණු හීනයක අග
ReplyDeleteතුහින මුතු කැට විලස ගෙල බැඳ
තණ පතක් හිමිදිරි උදෑසන
මනමාලි වී ඉන්නවා// නොතිර බව සොඳුරු බව එක විට හැඟෙන පද වැලක්