අරවින්දයනි මම්
මහ සයුර
මතකයක් මිසක කිසි උණුහුමක් විඳිනු බැරි
රළ නඟනු මිස ළමැද පෙමක් රැක හිඳිනු බැරි
හදට හද තබා පෙම් සයුර මුදු සිඳිනු බැරි
සයුර වැලි පස ගැඹර ඔබට ඉඩ තියනු බැරි
අරවින්දයනි මම්
මහ සයුර
විලෙන් විල ලතාවට සොලවනා ඉඟ තිසරු
තුඩෙන් තුඩ උරා මුව මධු, වෙළෙද ළඳ බඹරු
සරෙන් සර නුඹ සවන තබාවිද පෙම් සමරු
සයුර මම, අරවින්ද, කඳුළු හිමිවුණු අඳුරු
Picture -
Andrei Markin
කලින් දාපු එකක් මැකුවද?? අපරාදේ මං ගියා නේ බලන්න...
ReplyDeleteඒක ඉතින් මගේ සිරිතක්නේ.. :)
Delete