Tuesday, June 19, 2012

සුවඳ ම මල සිදුහත්

The Yellow Flower

ගණ තුරු හිස් පීරා

බිඟු ඉඟි ද විමසා
සුවඳ ම මල සිදුහත්
සොයා ගත්තෙමි මම්

අමල එම සුමල
සුවඳ විමසන සුරකින ගෙනයන
යසෝදරා වෙමි මම් ද
කිසිදින නුඹ හැර නොයන

යසෝදරාව වන්න ම යි මං
පතන්නේ සිදුහත්...


Picture - Robert Reid, American, 1862 - 1929

No comments:

Post a Comment