කඳු සියක් දුරින් දැක මිටියාවතක මියෙන්නියක්මි.
ආසය් මටත් කවි ලියන්නට ඔබ මෙන් කියා දෙන්න හැකිද ඔබ හට මා හදත් ඇතිමුත් කදුළු කවි කියන්නට නොහැගෙය් කෙසේ ගොතම්ද සියුම් පදවැල්
ලියා ඇත්තේ ඔබ කවියක් නම්තව කුමට පාඩම්තෙමෙන්නට ඔබ රිසි නම්වසිනු ඇත මෝසම්ගලනු ඇත ගංගානැඟෙනු ඇත දේදුනුවැයෙනු ඇත වස්දඬුමව මවා රස කවිකම්වඩා අවැසි ඔබඔබේ හද පහන් එළියක් කෙරුමයඅන්ධකාරය තුළ වුවදැල්වෙනු ඇත සිසිලසින් හෙබිහැඩයක් නොමැති මහත් විශ්වයක්වනැඟී සිටිනු ඇත ඔබකාලයට අවනත නොමවඑවන් විට ඔබ හද තරම්කවියක් නොමැත්තෙය ලොවගලන්නට ඉඩ දෙන්න කඳුළුගොඩ ගැහෙන්නට ඉඩ නොදෙන්න කඳු මෙන්එවන් විට ඔබේ හද නිතොර රළ නඟනමහා කවි සයුරක් නොවේ යැයි කියන්නට හැකි කවරෙකුටද?
නියම කවියක්නියම බ්ලොගයක්ජය!
ස්තූතියි!!
ආසය් මටත් කවි ලියන්නට ඔබ මෙන්
ReplyDeleteකියා දෙන්න හැකිද ඔබ හට
මා හදත් ඇතිමුත් කදුළු කවි කියන්නට
නොහැගෙය් කෙසේ ගොතම්ද සියුම් පදවැල්
ලියා ඇත්තේ ඔබ කවියක් නම්
Deleteතව කුමට පාඩම්
තෙමෙන්නට ඔබ රිසි නම්
වසිනු ඇත මෝසම්
ගලනු ඇත ගංගා
නැඟෙනු ඇත දේදුනු
වැයෙනු ඇත වස්දඬු
මව මවා රස කවිකම්
වඩා අවැසි ඔබ
ඔබේ හද පහන් එළියක් කෙරුමය
අන්ධකාරය තුළ වුව
දැල්වෙනු ඇත සිසිලසින් හෙබි
හැඩයක් නොමැති මහත් විශ්වයක්ව
නැඟී සිටිනු ඇත ඔබ
කාලයට අවනත නොමව
එවන් විට ඔබ හද තරම්
කවියක් නොමැත්තෙය ලොව
ගලන්නට ඉඩ දෙන්න කඳුළු
ගොඩ ගැහෙන්නට ඉඩ නොදෙන්න කඳු මෙන්
එවන් විට ඔබේ හද නිතොර රළ නඟන
මහා කවි සයුරක් නොවේ යැයි කියන්නට හැකි කවරෙකුටද?
නියම කවියක්
ReplyDeleteනියම බ්ලොගයක්
ජය!
ස්තූතියි!!
Delete