Thursday, February 12, 2015

කිරිගරුඬ සිතුවමකි ඔබ


කොයි මොහොතක හෝ බිම වැටී
බිඳෙන්නට හැකි
කිරිගරුඬ සිතුවමකි ඔබ
ඒ කිරිගරුඬ සිතුවමෙහි
රෝස මල් පිපී ඇත
වසන්තය ඇවිද යන
මං පෙත්ය හැමතැන

හමා එන්නේය ප්‍රේමයෙහි සුළඟ
ගලා යන්නේය ප්‍රීතියෙහි දියකඩ
කුරුලු කූජන ඇසෙන්නේය
මුලු හදම වෙවුලවන්නේය

Picture - Robert Finale

2 comments:

  1. හමා ඒන්ෙන මරණෙය් සැඩසුලගයි

    ReplyDelete
    Replies
    1. ප්‍රේමයය මරණය
      සැබවි

      Delete