Tuesday, February 17, 2015

ගයන්න පුළුවන් ගීයක්දෝ ඔබ



ගයන්න පුළුවන් ගීයක්දෝ ඔබ
අකුරින් අකුරට හදින් හදට බැඳිලා
ලියන්න පුළුවන් කවියක්දෝ ඔබ
රළ නඟනා සිඳු දිය කලඹෙහි සඟවා

Picture - By Renato Muccillo Fine Arts Studio, Canadian Contemporary Artist

4 comments:

  1. ආසය් මටත් කවි ලියන්නට ඔබ මෙන්
    කියා දෙන්න හැකිද ඔබ හට
    මා හදත් ඇතිමුත් කදුළු කවි කියන්නට
    නොහැගෙය් කෙසේ ගොතම්ද සියුම් පදවැල්

    ReplyDelete
    Replies
    1. ලියා ඇත්තේ ඔබ කවියක් නම්
      තව කුමට පාඩම්
      තෙමෙන්නට ඔබ රිසි නම්
      වසිනු ඇත මෝසම්
      ගලනු ඇත ගංගා
      නැඟෙනු ඇත දේදුනු
      වැයෙනු ඇත වස්දඬු
      මව මවා රස කවිකම්

      වඩා අවැසි ඔබ
      ඔබේ හද පහන් එළියක් කෙරුමය
      අන්ධකාරය තුළ වුව
      දැල්වෙනු ඇත සිසිලසින් හෙබි
      හැඩයක් නොමැති මහත් විශ්වයක්ව
      නැඟී සිටිනු ඇත ඔබ
      කාලයට අවනත නොමව
      එවන් විට ඔබ හද තරම්
      කවියක් නොමැත්තෙය ලොව

      ගලන්නට ඉඩ දෙන්න කඳුළු
      ගොඩ ගැහෙන්නට ඉඩ නොදෙන්න කඳු මෙන්
      එවන් විට ඔබේ හද නිතොර රළ නඟන
      මහා කවි සයුරක් නොවේ යැයි කියන්නට හැකි කවරෙකුටද?

      Delete
  2. නියම කවියක්
    නියම බ්ලොගයක්
    ජය!

    ReplyDelete