Monday, February 23, 2015

බුදු හිමියන් දුටිමි උදෑසන



හදිසියෙම
බුදු හිමියන් දුටිමි උදෑසන
පුදුම වීමි මම
එහෙත් සියල්ල නිසලව තිබිණ

රිදුම් දෙමින් තිබිණ
සිරුර හැම සෛලයක්ම
ඉදිකටු ඇමිණ ඇත්තා සේ
ළය මැදින් ගලා යමින් තිබුණි ලෝ දිය
මට ඇසීමට තිබුණි පැනයක්
මන්ද නිවැරදි මිනිසුන් බයින් මෙතරම්
මන්ද නිවැරදි මිනිසුන් පිළිස්සෙමින් අප්‍රමාණිකව

කිසිත් නොවදාළහ උන්වහන්සේ
අප්‍රමාණව සැනසීමට වුණෙමි මම එහෙත්
යම් දිනෙක පිළිස්සීමද ජයගත්
මිනිසෙකු සිට ඇති බව දත් නියාවෙන්
මෝහය නිසා විය හැක
සදොස් අය සතුටින්
ධ්‍යාන දුර නිසා විය හැක
නිදොස් අය හිසරදය දරා ගත්
දුක්ඛදායි රාත්‍රීන් සමඟින්

Picture - Elvira Amrhein

7 comments:

  1. සිරුර හැම සෛලයක්ම
    ඉදිකටු ඇමිණ ඇත්තා සේ

    කෙහෙන්ද බං මේ වචන එන්නේ?
    කවි හැම එකක්ම ලස්සනයි
    ජය!

    ReplyDelete
  2. අගෙයි................

    ReplyDelete
  3. ලස්සනයි ඔයාගේ හැම කවියක්ම

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ඔමා!

      Delete
  4. මෙච්චර කාලෙකට මේ බ්ලොග් එක නොදැක්කෙ කොහොමද කියල පුදුමයි.
    කවියක රස දැනෙන්නේ මේ වගේ කවියකින් විතරයි,
    අනර්ඝයි!

    ReplyDelete