Saturday, February 21, 2015

ඔබගෙත් කවි



හද මස් පිඬු පෙරළ පෙරළ
දුක් ගින්නෙන් ළතැව ළතැව
දහසක් කවි විසිවෙන්නේ
එහෙවු දුක් දරා ලියැවෙන
කවි සුළකුරු
නොවේය ඒ මටමැ අයිති
ඔබගෙත් කවි ඒ වන්නේ

කියවන කල ඔබ හද මත
සෝ ළතැවුල් ඇතිවන්නෙද
දුකින් උපැද වූ කිසියම්
පොරොත්තුවක් දළුලන්නෙද
ඒ කවි නෑ මටමැ අයිති
ඔබගෙත් කවි

කළුවර ගන තනිකම පිරි
රාත්‍රියක හුදෙකලාව
කියවන විට ඔබ ලියු කවි
ඔබ නිල ඇස් දිදුලන්නෙද
ඒ හද මත ලියැවෙන කවි
නොවේයැ ඒ මටමැ අයිති
ඔබගෙත් කවි

Picture - Karen Hollingsworth, from Atlanta, Georgia

5 comments:

  1. අගනා පැදි පෙළක්
    ආධුනික කවියෙකු වන මට මෙම කවිවලින් උගත හැකි දේ බොහෝය
    ජය!

    ReplyDelete
    Replies
    1. විඳීමෙන් උගත හැකි දේ බොහෝය. ජීවිතය වුව එසේය.

      Delete
  2. අරුත සැබවි නම්
    මෙය මගෙත් කවියකි..

    ReplyDelete
  3. මා මිය ගිය පසු දවසක
    රැගෙන නොයමි එක කවියක
    මිය ගිය පසු එම ලෙස නම්
    ඉන් පෙර කිම කිසි වෙනසක

    සුසුමින් සුසුමට
    සුවඳින් සුවඳට
    අකුරින් අකුරට
    පුද දෙමි ඔබ හට

    ReplyDelete