Friday, January 31, 2014

කුඩා ය මගේ ලෝකය

සාම්ප්‍රදායික ජීවිතය
පියයැ කී කල
එකල්හී ඔව්හු
සිනාසුණහ මා වෙත

කුඩා ලෝකයක අප්‍රකට ව
උයමින් මහමින් ගොතමින්
විටින් විට ලියමින්
පසු වෙමි නිසොල්මන් ව ම
මෙ බිම තුළ
මා හඳුනන්නෝ විරල වෙති
කුඩා ය මගේ ලෝකය
මෙ බිම පවා කොතරම් කුඩා ද
අසල්වාසී බිම් ළඟ
කොතරම් නොතරම්ද ලෝකය
මහත් අවකාශයක

රාත්‍රී වන ගබ අසල
නිවස්නෙන් එළි බට කල
පෙනේ මට මිණිය නොහී
දහසකුත් තාරකා හා එළි තිත්
මගේ සුසුමක් පවා
කොතරම් අවශේෂද
හැඳිනිමි, මම සිනා වෙමි
උල්ලසිත සම්භාෂණ
ගිලී යයි මඳ අඳුරෙහි

කරුණාව උල්පත
පැන නඟින්නේ එතැනිනි
උණුසුම් ව දිලෙන
කුඩා හදවත් තිතකිනි

Photo courtesy - forwallpaper.com/wallpaper/china-morning-fisherman-boat-lantern-light-cormorants-river-108807.html

2 comments:

  1. පැන නගින කරුණාව උල්පත
    තිතක් සේ දිස් උණත් පිටතින්
    විවර කර බැලු සඳ හද දොර
    විශ්වයම එහි රැඳී තිබුණේ!

    ReplyDelete