
මගේ ගෙදර දෙපැත්තකින් වෙල් යායකින් වට වෙලා තියෙන්නේ.. එක පැත්තක් කැලෑව.. අනෙක් පැත්තෙන් ඔය.. මගේ කාමරේ කවුළුවෙන් පෙනෙන්නේ නිල් පාට කඳු මුදුන්.. කඳු ඇරඹුමකයි අපි ඉන්නේ.. ලෝකයෙන්, සොබා දහමෙන් මීට වඩා කෙනෙකුට ලැබෙන්න ඕන මොනවද කියල මට හිතාගන්නවත් බෑ..
ඒ වනාන්තර මැදින් අපි දිව ගියේ පුංචි යක් කෙල්ලන් වගේ..
කඳු මුදුන් අතරින් පෙරී එන සන්ධ්‍යා හිරු එළිය දිහා වෙල් නියරවල වාඩි වෙලා අපි බලන් හිටියා.. සමහර රාත්‍රී කාලවල අපි වෙල් ඉපැනැලි වෙත ඇවිදන් ගියා.. එහෙම දවසක ඈතින් ගිනි ඇවිල ඇති කඳු මුදුන් පෙනුණෙ කෝවිලක පහන් වැටි වගේ..
කුඩා දරුවන්ටමැයි සිය පල බෙදා දුන් කුඩා සියඹලා ගහක් ඒ වෙල් එළියෙ තිබුණා.. මේ පාර ගෙදර යද්දී, ඒ ගහේ අයිතිකාරයා ඒක කපා පෙරළා දමා තිබුණා.. මගේ හිත වචනයක්වත් කියාගන්න බැරි තරමට නරක් වුණා.. "එයා කොහොමද ඒ ගහ කපන්නේ.. ඒක අපි හැමෝගෙම සියඹලා ගහ.." මම කිව්වා.. "ඒක ඔයාගෙ වෙන්නේ කොහොමද ළමයෝ.. ගහේ අයිතිකාරයනෙ ගහ කපල තියෙන්නේ.." අම්මා කිව්වා..
ඒත් ඒ කුඩා දිය පාර ළඟ පුංචි සියඹලා ගහේ මතකය මගේ හිතේ හැමදාම තියේවි.. හැමදාම ඒ ගහ එතැන තියේවි..
දැන් මාත් එක්ක ගමේ ජීවත් වුණු හුඟක් අය එහේ නැහැ.. ඒ අය යන්න ගිහින්.. තව ටික දවසයි මමත්.. ඒත්, ඒ සුන්දර ගහ කොළන්, කඳු මුදුන් හෙට ජීවත් වෙන හැමෝටම ඉතිරි වෙන්න ඕනෑ..
කඳු මුදුන් කියා හිතා ගෙන නැඟපු කඳු මුදුන් වලින් මටත් හෙමිහිට බැහැල යන්න ඕනෑ..
Painting - Albert Bierstadt
ලක්ෂණ කඳු ගැටයක්.
ReplyDeleteලක්ෂණ ලක්ෂණ ..
Delete//කඳු මුදුන් කියා හිතා ගෙන නැඟපු කඳු මුදුන් වලින් මටත් හෙමිහිට බැහැල යන්න ඕනෑ.. //යන්න ඕනි නොවුනත් යන්න වෙනවා. අපි කාට කාටත්.
ReplyDeleteඅන්න ඒ සිතුවිල්ලත් එක්ක මුහු වුනාම තමයි කඳුකර සොඳුරුබව පරිපුර්ණ වෙන්නේ
:)
Delete