Sunday, January 5, 2014

මගේ හිත අඳුරු අගාධයක්


මගේ හිත අඳුරු අගාධයක්
හිත නොරිදෙනා තෙක්
බිඳෙන් බිඳ එළිය දැකුමට
හිත රිදෙන සියුම් පිපුරුම් අවැසි

ඔබ හිතුවාද එසේ නොවේ කියා
එසේ නම් විය හැකි ඔබේ සිත
පිපුරුම් ඇති කරන සුලු වස්තුවක්
විසල් පිපුරුමෙන් පිරි
ගිනි ජාලා සහ දුම් වළලු ඇති
ශ්වසන අපහසු ව ඇස් ඇරුම නොහැකි

Picture - Jeanie Tomanek, American

1 comment:

  1. අඬන්නට වෙර දරන කඳුලක් නෙතු අභියසද මන්දා.

    ReplyDelete