Wednesday, January 8, 2014

මොන තරං සුන්දරද ඔබ ගෙතුළ ඉන්න කොට



ස්වප්න නැටුමකින්
උත්කර්ෂවත් කරවන්න මා
මොන තරං සුන්දරද
ඔබ ගෙතුළ ඉන්න කොට
සැර වදන්වලට බියෙන්
උරහිසේ එල්ලිගෙන

මට මතකයි දවසක්
හිතේ දුක වැඩිවෙලා
පපුවෙ අමාරුවක් හැදුණා ඔබට
ඔබේ චුරුචුරු කතා නැතු ව
ගඟත් මුහුදත් ළිඳත් නැතිවුණා ගෙදර
මූසල නිහඬකම බඩගින්නට එකතු වී
කස පහර දෙද්දිත්
හෙල්ලෙන්න බැරි වුණා මට
උන් හිටි තැනින්

කනාටු පොල් ගහක් යැයි
අම්ම කිවු එකට
මොන එහෙකට ඔබට
දුක හිතුණාද ඔච්චර

අන්තිම වරට ඔබ යන්න යද්දී
හෙමින් කෙඳිරි ගෑවේ කියමින්ලු මගේ නම
ඔයාගේ අම්මා එහෙම කිව්වා
මා දිහා රවාගෙන
ගෙවන වාට්ටුවක ඔබ තියාගෙන
මට ඉන්න හයියක් නැතිවුණානේ ළඟ
ඔබෙ හිතට මගේ හිත තියාගෙන

ඔබ ඔහොම ආවත් බය හිතෙන් නෑ මට
ඔබ ගෙතුළ ඉන්න කොට
මොන තරං පිරිලද

Picture - Colin Staples

5 comments:

  1. ෂහ්...මේ කවියට මං ආසයි..

    ReplyDelete
    Replies
    1. ෂහ්.. ස්තූතියි..

      Delete
  2. ගැඹුරුයි ! සොඳුරුයි !

    ReplyDelete
  3. මරණය අභිබැවූ ප්‍රේමය. මනරම්ය. සංවේදීය.

    ReplyDelete