Thursday, January 9, 2014

පර සතුරො ඇවිත්



පර සතුරො ඇවිත්
ගම් බිම් ගිනි ලයි
දොරගල පපුවට වෙඩි උණ්ඩ වැදෙයි
මට යන්න බයයි
හිත අවිය අරන්
නුඹ සුවඳ පුරන වෙල් දහස පැනන්
නුඹ සුවඳ පුරන වෙල් දහස පැනන්

අඹ මල් සුවඳයි
නා මල් නයනයි
හිත උතුරායද්දී වාරු නගන්
ඉබ්බන්නා ඔය ගල් පොත්තක් මත
අරුමටවත් නොඇහෙන්න තරං
හෙමිහිට මං ඇඬුවා
සුදු මැණිකේ

හිර කපොලු ළඟයි
හිත වෙර ම නඟයි
ආදරය කඩන් එන නහර දරන්
නුඹට අයිති මගෙ පපුව අරන් මං
ආයෙ නොආවත් පරිස්සමින්
රන් කඳ පරිස්සමින්
පරිස්සමින්

Picture - Françoise-Nielly

8 comments:

  1. ඔබගේ නිර්මාණ සෑබෑ ගී නිර්මාණ බවට පත් වී තියේද?? මට ඒක දැනගන්න ආසයි වගේ..

    ReplyDelete
    Replies
    1. නැත.
      (ඇයි, ඒක නිකං රටේත් වාසනාව වගේද :D :D )

      හැබැයි ඔය හැම එකකටම මගේ හිතේ තනු, තාල තියෙනවා.. මගෙ හිතට අල්ලන මොකක් හරි ලියැවුණොත්, අපේ ගෙදර කට්ටියට එපා වෙනකල් ම ඉතින් මම ම ගායනා කරනවා.. :D

      Delete
    2. නන්දා මාලිනීට මං සින්දුවක් ලියල ඇරියෙ 6 පන්තියේදි.. :(

      Delete
    3. ඒක නං පුදුමයි. එක අතකට ඔයාගේ විභාගෙට ලකුණූ නොදෙන මේ සමාජයෙන් ඊට වඩා බලාපොරෙත්තු වෙන්නත් බෑ තමා.. මම නං කැමතියි මේවට.. මාත් මේ සින්දුවට මගේ නොවන.. නෑ මගේම තනුවක් දාලා කිව්වා..

      Delete
    4. Journey of Souls: Case Studies of Life Between Lives Paperback
      by Michael Newton
      මෙන්න මේ පොතේ තියෙනවා එහෙම වෙන්න හේතුව. ඉපදෙන දේශය තෝරගන්නෙත් කර්ම ශක්තිය අනුවනේ.. මං කැමතියි මේ විදිහට පරණ කෝන්තර ඉවරවෙලා යනවට :)

      Delete
    5. //මං කැමතියි මේ විදිහට පරණ කෝන්තර ඉවරවෙලා යනවට :)//

      ඒ කිව්වේ මං එක්ක කෝන්තරයක් තිබුනද??

      Delete
    6. මං මේ කියන්නේ පෙර කර්ම ගැන..
      (අනේ මන්දා, මොකවත් තේරෙන් නෑනේ..) :))))

      Delete
    7. අනේ මන්ද...දැන්නං තේරුනා.. හැක්

      Delete