Friday, January 10, 2014

බැරිද මට?



සීතල කාමරයක ගැහි ගැහී
නිදිමතින් කැරකි කැරකී
ඉන්නවට වඩා බැරිද මට
උද්‍යානයක උයන්පල්ලෙක් වෙන්න
මල් දිහා බල බලා
කඳු බෑවුමක වැතිරෙන්න
සන්ධ්‍යා සමයක අහස මත
රෝස පෑ වලාකුළු අතුරන්න

Picture - Pamela Colebourn, British

4 comments:

  1. මටත් එහෙම ඉන්න ඇත්නම්? දැන් නම් මේ හොදටම ඇති...

    ReplyDelete
  2. උයන්පල්ලා හිතනවලු මෙහෙම :

    තණ පිඩැලි අල්ලන්න
    බොරළු පස පෙරළන්න
    කුරුමිණියෝ එළවන්න
    වැඩ ගොඩයි වෙලා නැත
    පිපෙන මල් බල බලා බෑවුමක ඇලවෙන්න!
    සීතලට හොඳ සැපට
    කන්තෝරු කාමරේ
    ඉන්න උදවිය බලා
    හුල්ලමි ඉතිං මම
    රිදෙන ඇඟ අත ගගා...

    ReplyDelete
    Replies
    1. ළමයා, මට ලස්සන රස්සාවක් ඕනෑ
      ටිකට් කවුන්ටරයක වුණත් කමක් නෑ
      පෙනෙනව නම්, කඳු නිම්න ගංගා

      ඒත්, අර නරක පාළුව නොදැනෙන්න ඕනෑ

      Delete