Tuesday, January 7, 2014

නිමාව


රසිකා ගුණවර්ධන :

ගිලන් වූ සැන්දෑ'ග
රන් පිඟානක් වැටෙයි
ලුණු වතුර කොරහකට

අනිල් හේරත් :

අසිරි ලත් උදාවක
දිස්නය නොවෙනස්ව එහෙමම
රන් උකටලී ලෝහයකි

කඳු :

විසිර ගිය දුහුවිලි
තැනින් තැන රළ සමඟ
නඟී උඩ පහළ කෙළිලොල් ව

අනිල් හේරත් :

පණසුන් හුණු ගෙවල්
වැලි බදා කිමිදෙති
මිහිදන් වනු නොරිසිව

Picture - ClaudeMonet

1 comment:

  1. ඇත්තමය් දැං මතක් උනේ හයිකු වගෙයි හරි අගෙයි

    ReplyDelete