Saturday, January 26, 2013

මා එපා කිව් පියතුමනි පෙර________________



කුඩා කල මා සිඟිති අත් හැර
ගිය පියා මට මුණ ගැසුණෙ නැත
සෙවූවද නෙක සොහොන් අතරේ
අඳුර තරමටවත් පෙනුණෙ නැත

ඒත් මගෙ හද පුරා විනිවිද
ආදරය මුදු සරින 'කුරු කර
වමතැඟිල්ලක මුදුව සමඟින
එහෙව් පිය සඳ මුණ ගැසුණි මට

හුදෙකලාවේ සරන නුබ ගැබ
වලාවක් ඈ සොයුරු අහිමි ව
ගෙවා දැමු මුළු දිවිය ලොප් කොට
ඉනික්බිති හමුවුණා ඔහු මට


ඉතින් සොඳුරු යි මගේ දිවිය ම
මා එපා කිව් පියතුමනි පෙර________________


pic. -
navnnet.blogspot.com -

2 comments:

  1. ඇත්තටම කෙල්ලෙක් තමන්ගේ තාත්තාවගේ සැමියෙක් බලපොරොත්තු වෙනවද?.... මෙතන නම් තියෙන්නේ එතනින් එහා ගිය සංවේදී බවක්

    කඳුට හුරුපුරුදු ශෛලියෙන් බැහැරවූ කවියක්... ඒ නිසාදෝ මට දැනුනේ නෑ කඳුගේ කවිවලින් වෙනදා දැනෙන කවි රසය...ඒත් අර්ථ රසයෙන්නම් පරිපූර්ණයි

    ReplyDelete
  2. එක ඇත්ත රසය වෙනස් ..කමක් නැ කවියට කොහිද සීමා.....

    ReplyDelete