Monday, January 21, 2013

අප අතර මුහුදක් ඇත


අප අතර මුහුදක් ඇත
නොදන්නා නිල් පැහැති
දියමන්ති වන් රහස් සැඟ ව ඇති
අසීමිතතාවෙන් යුතු
බොහොමයක් සුන්දර සිහින
ළඟමැති
එහෙත් ළඟ නොවන
සුන්දරිය මා කැමති
ආලයෙන්
නැඟෙන රළු රළට
ඔබේ ඇස් මා සයුර
වැස්සකට අර අදින
මට පමණක් දැකිය හැකි


pic. - mendocoastcurrent.wordpress.com

No comments:

Post a Comment