Thursday, January 10, 2013

තීර්ථකයා පැමිණේවී..

වරක් මම නැඟුණෙමි උස කඳු මුදුනකට
එහි නොවීය මා පහත සිට
එහි ඇතැයි සිතූ දෙව් විමන්
ලතා මඬුලු සහ මල් පිරි හරිත රටා
සියල්ල වූයේ කඳු පහළ
ඉහළ සිට මා එදෙස බලන විට
අඳුරු බව පැහැර
ගලා ගියේය මා මහත් සිතිවිලි
නැතිවීම් සහ ලබා ගැනීම් අතරමැදි මඟක
නිරපේක්ෂ ව
එහෙත් මම දැන සිටියෙමි
තීර්ථකයා පැමිණෙන බව

නිමාවක් නැතිව අහසේ ඉගිල යන කුරුල්ලෝ,
ඉඳින් අන් මංවලට වඩා දුෂ්කර ය කඳු මං
බැස යන සැඳෑ හිරු රැස් වැටී ඇත මාර ගස් මත
කඳුවැටි පසු කළ විට ඔහුට නිම්න හමුවේවි
හිම විසිර යාවි
තීර්ථකයා පැමිණේවී

No comments:

Post a Comment