Tuesday, January 8, 2013

ඉතින් සකිසඳ මට අම්බලම් කුමටද

ගොදුරු ගිලිනා බදුරු මල මෙන් වුණා නම් ඔබ
සොඳුරු තටු සිඳි විස සපිරි නිය වුණා නම් ඔබ
යන්න තිබුණා නොවෙද මට
යන්න තිබුණා නොවෙද මට

එහෙත් ඔබ මුනිවර ලෙසේ - සිනාසෙන සඳ පුර සඳේ
මගේ අත්තටු මම ම කපලා ඉවත් කෙරුවා සකි සඳේ

තෙමා තෙතබරිත කළ කුණාටුව නොවී ඔබ
වටා වැටි උණුසුම් කබායක් වුණු බඳ
මහා මැඳුරක් ලෙසින් ඔබ දෑත වෙළන සඳ
ඉතින් සකිසඳ මට අම්බලම් කුමටද
pic. - Kusal Kanushka Suraweera

1 comment: