අමීර් අල් එරාවුල්
කොහේදෝ සිටිනා රුව නොදන්නා මිනිසා
අල්ලාහ්ට ආලය කරන්නා
සමනල වැසි වස්සවන්නා
දලඹුවන් ඇති දැඩි කරන්නා
ඉර එළියෙන් දළරළ කපා ගෙන ඇවිදින්නා
කළු කණ්ණාඩියෙන් මිදී යන්නා
මලක් මෙන් යළි මවු තුරුල්ලෙන් අවදිවන්නා
තමා ලත් දේ මල් සුවඳ මෙන් මුදාලන්නා
බලුන් බැඳ ලූ මහල් නිවසට ඇස් දෙකින් මුදු සිනාසෙන්නා
මෝසමක් මෙන් කතර කලඹා පතිතවන්නා
ඒ ඔහුද ගෙන ගියේ
චණ්ඩ මාරුතයට මුදා හල දඩ බල්ලන්
අනුභව කළේද උහු හදවත
කවියක් මෙන් එය මිහිරි වුණිද
සෙහු මා තව ම මඟ
නුඹට අස්සලාම් අලෙයිකුම් කියන්ට
උහු නුඹ රැගෙන ගිය තැනින් පැමිණෙන්ට
අපි ඇවිද යමු අල්ලාහ්ගේ ආලයේ දේශයට
නුඹ මැවූ දේශයට
pic. - hdwallpapersarena.com
No comments:
Post a Comment