තුමුල ආලය දෙවියන් ම බව කියා දුන් සඳ නික්මිණ
එහෙත් සඳ රළ මා අසල හිඳ හිනාවෙන හැටි දැක්කම
දුරින් කඳු සියයක් අතරමැද අතරමං වූ විලස ම
සෙමින් ඇස් සඟවා හඬන්නට උගෙන ගත්තෙමි තනි ව ම
විලට බමරුන් හමා ආ මුත් විලෙහි නැවතුණෙ රළ වෙතේ
රළට පෙම් බැඳි ඉවුර තුරු පත් සෙමින් බිම මියැදී යතේ
නුඹට බැඳි පෙම එම ම මිස වෙන සොයම් නෙක උපමා කෙසේ
මුහුද තනි කර සඳ මිදුණු හැටි මුදු රළට සියුමැලි නොවේ
වන දහස් මැද සහස් පියවර යළිත් හමුවෙන දිනකදී
හිතුමතේ යන සුළඟ මෙන් අප නැවත හමු වන හැටි අගී
එහෙත් පෙර මල් කම් නැතේ හද තෙරපෙනා උදකල් නැඟී
ඉතින් අපි හමුවුණෙත් සකිසඳ හඳුනගන්නට සසර ගී
pic. - ericstonebooks.blogspot.com
මට කියන්න දෙයක් නෑ.. පට්ටයි...
ReplyDelete