ප්‍රේමයෙන් උජ්'වලිත රාගයක තනුව වෙමි
කඳුළු බිඳුවක් විලස තුරු අගින් ගිලිහ යමි
සරත් සමයක පිපුණ සාරධය කුසුම මෙනි
සුසුමකින් නිවා හද යළි පහන් නොදල්වමි
කවියකට පිරු හැඩය නුඹ නොවිද සකි සඳුනි
ගඟුලකට වට මියැසි සරය වුව ඔබ මැ වුණි
නිශාන්තය අහස් කුස මිණි තරු ද උදුල වුණි
අතරමඟ නැවතුණ ද නුඹ සුවඳ රැගෙන යමි
pic. - samanthakrieger.wordpress
No comments:
Post a Comment