නිලා කූරක් ගයයි ගීතය
දැවී යා නම් දැවී යනු ඔබ
නිලා කූරක් සේ
දැවෙන ගිනි වුව
අමා දිය සේ
මං ගෙවා දන දකින රිසි සේ
දැවී යා නම් දැවී යනු ඔබ
නිලා කූරක් සේ
දිය ව යා නම් දිය යනු ඔබ
හිම කැටිත්තක් සේ
මරු කතර වෙත ගලන විලසින්
නිල දියක් සේ වැටෙන විලසින්
සිතුවමක් සේ ඇඳෙන විලසින්
කවි සිතක් පිරි මදින සුදුමුදු
ඇඟිලි පොකුරක් සේ
දැවී යා නම් දැවී යනු ඔබ
නිලා කූරක් සේ
pic. - fanpop.com
No comments:
Post a Comment