කුඩා කල මා සිඟිති අත් හැර
ගිය පියා මට මුණ ගැසුණෙ නැත
සෙවූවද නෙක සොහොන් අතරේ
අඳුර තරමටවත් පෙනුණෙ නැත
ඒත් මගෙ හද පුරා විනිවිද
ආදරය මුදු සරින 'කුරු කර
වමතැඟිල්ලක මුදුව සමඟින
එහෙව් පිය සඳ මුණ ගැසුණි මට
හුදෙකලාවේ සරන නුබ ගැබ
වලාවක් ඈ සොයුරු අහිමි ව
ගෙවා දැමු මුළු දිවිය ලොප් කොට
ඉනික්බිති හමුවුණා ඔහු මට
ඉතින් සොඳුරු යි මගේ දිවිය ම
මා එපා කිව් පියතුමනි පෙර________________
pic. - navnnet.blogspot.com -
ඇත්තටම කෙල්ලෙක් තමන්ගේ තාත්තාවගේ සැමියෙක් බලපොරොත්තු වෙනවද?.... මෙතන නම් තියෙන්නේ එතනින් එහා ගිය සංවේදී බවක්
ReplyDeleteකඳුට හුරුපුරුදු ශෛලියෙන් බැහැරවූ කවියක්... ඒ නිසාදෝ මට දැනුනේ නෑ කඳුගේ කවිවලින් වෙනදා දැනෙන කවි රසය...ඒත් අර්ථ රසයෙන්නම් පරිපූර්ණයි
එක ඇත්ත රසය වෙනස් ..කමක් නැ කවියට කොහිද සීමා.....
ReplyDelete