Monday, August 14, 2017

ලොව මිහිරිම කවිය ලියන්නාය ඔබ



කුඩා ටොනික් පියනක් වුව
කුඩා අතැඟිලිවලින්
කරකවමින් ඒ මේ අත
බොහෝ වේලාවක් යන තුරු
රස විඳින 'යුරු ඔබ
ම'පුත, ම'මිතුර

සිනාසෙයි තනිවම
සියුම් හඬ නඟයි තමාටම
කුඩා වස්තුවක වුව මිහිරියාව
උතුරා යයි ඔබේ හදතුර

කොතරම් චමත්කාරයක්ද ඔබ
ස්වර මාධුර්යයකි වැයෙන සිත තුළ
දසන් නැති සිනා පෙන්වා
ලොව මිහිරිම කවිය ලියන්නාය ඔබ

Picture - Alexander Averin, Russian, born 1952

4 comments:

  1. සැබෑවක්මැයි මේ පැදි පෙළ
    කිරිකැටි මුව'ග නැගි හස කැල්මෙක
    අසිරියට උපමා කළ හැකි
    අන් යමක් වෙද මේ නොනිම් සක්වළ...

    හරිම ලස්සනයි කඳු. රබින්ද්‍රනාත් ඨාකූරයන්ගේ 'Coloured Toys' මතක් වුණා මට. ඒ පැදි පෙළ මා සිංහලයට නැගුවා කාලෙකට කළින්: දනිමි මා පුතණුවනි.

    ReplyDelete