
අම්ම නුඹේ වැඩට ගියා
වැඩ නිමවා එන්න ගියා
පුතුගෙ මුවේ කඳුළු තියා
කිරි මුට්ටිය ගඟේ ගියා
පුංචි පුතුට ඇඳුම් ගොඩයි
පුතුගෙ මුවට හබුන් ගොඩයි
ඇගේ පැතුම් අහස උඩයි
අම්ම නුඹේ කඳුළු ගොඩයි
ඇනුම් බැනුම් හිතට වැඩියි
යන එන මං බොරලු ගොඩයි
දස මර සෙන් හැම පරදයි
පුතුගෙ මුහුණ ඇගෙ නිවනයි
Picture - Mother And Son by Sandra Butler
No comments:
Post a Comment