Friday, June 26, 2015

ග්‍රීෂ්ම සුළඟේ,



ග්‍රීෂ්ම සුළඟේ,
කුඩා බැටළුවන් සිප සනසමින් ඈතට ඇදී යන
මිණිමෙවුල් රඟන්නා වැනිය ඔබ සිපගන්නා කල හරිත තැනි මත පිපුණු කුඩා මල්
රඹ පැහැය ගෙන ස්වර්ගයේ දොර ඇරෙන විට බස්නාහිර අහසින්
රළ කියන්නේ උඩ පැන පැන නටන යුවතියක්

මීනයන් ශ්වේත පැහැ බඩ පලිඟු පෙන්වා
රළ අතරින් ඇදී යන කල ඈතට
නිසංසල වෙසින් සාරියේ රැළි ගලවා
නිදහස් වන්නෙය මුහුද
එතැන් සිට උදාවන තෙක් මැදියම
බැලේ නැටුමක්ය කලින් කල පය ලිස්සා යන

මකරෙකු ලෙසින් කට හැර
පාත්වෙන කල වලාකුළු සඳ වෙත
ඇගේ කිංකිණි සිනහවය
විටින් විට නැඟෙන්නේ රැය

වස්දඬුව විසි කර ගදඹෙකි වශී වී ගෙන!

Picture - John William Waterhouse

1 comment:

  1. කවියත් ච්ත්‍රයක් වගේ.

    ReplyDelete