
මා සඳට කැමති බව දැන
සඳ නෙළා ගෙනැත් අහසට
මල් සුවඳ කැමති බව දැන
තුරු සියක් මවා හිනැහෙන
මා කිරිල්ලියක් බව දැන
දොර කවුළු පියන් හැර ගෙන
කඳු ඉසහි රැඳෙන දේදුනු
පැහැ කරයි සතුට ගැන ගැන
ගඟ ඉවුරු අසල හිඳ වෙණ
වයයි මිහිරි තුඩ'ගින
රළ අතර විහිද උපදින
පැතුම් ඉපිද මියයන
කඩවසම් ඉවුරු ඉහ ළඟ
නවතින්න බැරිද අසමින
දෑසමන් මලකි හිනැහෙන
ප්‍රේමයයි සොඳුර ඔබ ගැන
Picture - R. Hefferan
මේ පද පේළි ටික නම් මාරම ලස්සනයි. මුල් පදය දැක්ක ගමන් නන්දා මලිනියන්ගේ ගීතය මතක් උනාට ඉතුරු පද ටික නම් ලස්සන අළුත් ගීයක ලක්ෂණ පෙන්නනවා. කඳු අක්කාගෙ අකමැත්තක් නැත්තම් මේකට මොකක් හරි කරන්නද? :)
ReplyDeleteපළමු පේළියයි තුන්වැනි පේළියයි නන්දා මාලිනිය ගයන ගීතයෙන් තමයි.. එහි පද රචනාව කාගෙද කියා හරියටම මා දන්නේ නැහැ. මේකට මොකක් හරි කරන්න නම්, ඒ පේළි වෙනස් කරන්න ඕනෑ.. නැත්තන්, අවසර ගන්න ඕනෑ.. ඒ ගීතයට අතුරු ලියමනක් විදිහටයි මම මේක ලිව්වේ..
Deleteඅතිරමණිය ප්‍රේමයේ සොඳුරු සිතුවිලි..... මේක මැජික් එකක්ද? මෙහෙම ලියවෙන්නේ කොහොමද? හරි ලස්සනයි
ReplyDeleteස්තූතී!! :)
Deleteහරිම ලස්සනයි
ReplyDeleteඅනේ හරිම ලස්සනයි.ආදරේක ආදරය ගැඹුරින්ම දැනුනා.වචන ටික පට්ට කඳූ
ReplyDeleteපද රචනය - මහාචාර්ය සුනිල් ආරියරත්න
ReplyDeleteඅතිරසයි
ජයවේ කඳු