Saturday, June 6, 2015

කවි ගලන සමවාරයක්*



හිම සූරයි වීදුරු කවුළු පත් වැළපෙන වලාකුළු හිම කෙත්
තිරිඟු අහුරක් විසි කරන කුඩා කෙල්ලන් පේළියක්
ක්ලෝඩ්ගේ ඇස් ළඟ ඉර වුණත් පළිඟුවක්
ඔබ ඉරා දැමු කල හදවත කවි ගලන සමවාරයක්*

Picture - Alex Russell Flint, British Realist Artist (b. 1974)

9 comments:

  1. * සමවාරයක් යනු Equal Opportunity යන්නෙහි සිංහල පරිවර්තනයයි.

    අන්න එහෙම පොඩි පැහැදිලිකිරීමක් කලානම් නරකද මැඩම්?...:)

    ReplyDelete
    Replies
    1. ඒ වචනය දැදිගම වී. රුද්‍රිගු මහත්මයාගෙන් තමයි මම ඉගෙනගත්තේ. මම තේරුම්ගත්තේ උණු වතුර ජොග්ගුවක්, කේතලයක් වගේ දෙයක්. තේ හදන්න තමයි භාවිත කරන්නේ. මගේ මිතුරියකගේ වචනයෙන් නම් "සමවාරය කියන්නේ තේ හදන්න උණු වතුර ගන්න තියෙන බොයිලේරුවට. ඒක තියන්නේ කෑම මේසේ උඩ."

      Delete
    2. සමාවෙන්න.මම විහිලුවට ඒ සමඅවස්ථා කතාව කිව්වෙ. සමවාරය, රුසියාවෙ, තුර්කියෙ සහ වෙනත් නොයෙක් නැගෙනහිර යුරෝපියානු රටවල තේ සඳහා වතුර උණුකරන්නට ගන්නා බොයිලේරුවක් වගේ උපකරණයක්.මමත් සමවාරය ගැන මුලින්ම දැනගත්තෙ දැදිගම වී. රුද්‍රිගු මහත්මයගෙ පරිවර්තන වලින් තමයි.

      සේනාංකාධිපතියා ලබාදුන් මහළු අසු පිටින් ලීග දහසයක් දුර ගෙවා දැඩි ශීත සුළඟින් පීඩා විඳිමින් හ.... නගරයට ළඟාවනවිට හාත්පස අඳුර පැතිර තිබිණි.නගරයේ පාළු වීදි ඔස්සේ ගාටමින් ගමන්කල අසු හිම මිදුනු නදිය අසබඩ පිහිටි තානායම වෙත ලඟාවන විට බෙහෙවින් විඩාපත්ව සිටියේය.තානායම ඉදිරිපිට අසු පිටින් බට මම ඒ අසලම වූ අස්හලතුල අසු බැඳදමා තද දුඹුරු පැහැති ඕක් ලීයෙන් යකඩ පට්ටම් ගසා නිමවූ දෙපළු දොරට ඉදිරියේ එල්ලා තිබූ සංඥා සීනුව ඇති වීරියෙන් නාද කළෙමි.

      " මේ එනවා..මේ එනවා..."

      ඇතුළතින් ඇසුණු රළු කටහඬක්ද සමඟ දොර සෙමින් විවර විය. දොර එළිපත්තෙහි තැටියක රැඳවූ ඉටිපන්දමක් ඉහළට ඔසවාගත්වනම මා දෙස රත්පැහැ දෙනෙතින් බලා සිටියේ සැටවියෙහි පමණවූ මහල්ලෙකි. තැනින් තැන නූල් පෑදුණු කිළිටි කබායක් දෙවුර වැසෙනසේ පොරවාසිටි ඔහු එළිපත්තෙන් මෑත් වෙමින් මා ඇමතීය.

      "ආ..නිළධාරී මහත්මයා..එන්න ..එන්න...මම තමයි මේ නගරයේ තානායම් පාලකයා..ඔබ මාගේ තානායමට ගෞරවයෙන් පිළිගන්නෙමි."

      වචනයක් පාසා ඔහුගෙන් හමා ආ ලාභ වොඩ්කා ගන්ධය මසිතට එක්වරම කෝපයක් ගෙනා නමුදු මම ඒ ආයාසයෙන් යටපත් කොට ගතිමි. ඇරුණු දොරින් තානායමෙහි සාලයට පිවිසි වහාම බුර බුරා දැල්වුනු උදුනෙන් නැඟි උණුසුම ගත මෙන්ම සිතද සමනය කිරීමට සමත්විය. සාලයෙහි මුල්ලකවූ තඹවන් සැමොවාරය දුම් දමමින් පැසෙයි.

      මට ඉස්සෙල්ලම තේ එකක් තිබ්බොත් හොඳයි.... හොඳ උණුහුමට.".හිම කැටි රැඳි අත් වැසුම් ගලවමින් මම පැවසුවෙමි.

      " මිනිත්තුවෙන් නිලධාරී තුමා..මිනිත්තුවෙන්.."තානායම්කරු මදෙස බලා සිනාසුනේය

      ඉන් අනතුරුව ඔහු ගෙතුලට හැරී කෑගැසීය. " ඒයි සාෂා..ඔය බළල් පැටිය එක්ක සෙල්ලම ටිකකට නවත්තල සැමොවාරයට අඟුරු දාපං මේ නිලධාරී තුමාට තේ කෝප්පයක් දෙන්න."

      ඒ සමඟම අළු පැහැති බළල් පැටවකු දෑතින් ගෙන සාලයෙහි දොර අබියස පෙනී සිටියේ කැරළි ගැසුණු කළු කෙස් කළඹකින් සහ දීප්තිමත් දෙනෙතකින් යුතු වයස දහසයක පමණ යුවතියකි. " හරි සීයා...ඉක්මනටම මම ඒක කරන්නම්....."ඇය පැවසූයේ මගේ මුහුණ දෙස බලා පියකරු ලෙස මඳ සිහහවක් නඟමිනි.

      Delete
    3. ඒක හරිම ලස්සන උපකරණයක්නේ.. රුසියානු සාහිත්‍යය වගේ මිහිරි බවක් දැනෙන්නේ.. දැදිගම වී. රුද්‍රිගු මහතා කදිම මිනිසෙක්.. අප ණයගැතියි එතුමාට..

      ඒත් කම්පනයට පත්වෙනවා, එතුමාගේ කෘති අද මුද්‍රණය වන හැටි දැක්කාම.. කවරයේ කිසිම තැනක එතුමාගේ නම නැහැ.. මුල් පිටේ නැහැ.. දෙවැනි පිටෙත් පිටුපස කිසිම විශේෂයක් නැතිව.. ප්‍රකාශකයන් කිසිම ලැජ්ජාවක් නැතිව තමන්ගේ නමයි කවරයේ පිටුපසත් ඉදිරිපසත් මුල් පිටුවෙත් දෙවැනි පිටුවේ ඉදිරිපසත් පිටුපසත් මුද්‍රණය කරල තියෙන්නේ.. මම හිතන්නෙ නැහැ, මේ මුද්‍රණයන් නිසි අවසරය ඇතිව නිසි පරිදි නිකුත් වෙනවා කියා..

      Delete
  2. මගේ ගෙදරත් තිබුන එකක්. ලංකාවේ ගෙදර. මොනවා වුනාද කියල නැහැ. තාත්තාගේ මල ගෙය අතරේදී කවුද උස්සන් ගිහිල්ල. කවිය ලස්සනයි.
    http://sinhala.lankanewsweb.net/features/cyber-wall-lankanewsweb/17314-2015-06-12-22-22-14

    ReplyDelete
    Replies
    1. ලංකාවෙ සමහරු දුකේදී වුණත් පිහිට වෙන්නෙ එහෙම තමා!

      Delete
  3. කඳු... ඔබ බොහොම අපූරුවට ලියනව නෙව.. ආසාවෙන් කියෙව්වා. දිගටම ලියන්න සුභ පැතුම්.

    ReplyDelete
  4. ආහ් තව දෙයක්. කඳු පෙනි පෙනී මිටියවතේ මියැදෙන එකනම් හරිම වේදනාකාරියි. ඒකෙන් මිදෙන්න හැම උත්සහයක්ම ගන්න වටිනව...මම නම් එහෙමයි..

    ReplyDelete