විභාගයට ගන්ට වූ තැන පැමිණිල්ල
විස්මිතව ගොලුව ගියෙමි මම
සුමිතුර
පරණ අමතක මතක 'විත්
විශාල ජලාශයක් කලඹන්නට විය
මිටියාවතට දුව ගොස්
ගස් පාමුලෙහි සැඟවුණු
දිය ඇලි සොයා ගොස්
පව් මතින් කිමිදුණු
කොතරම් නුහුරුද නුපුරුදුද
අගනුවර සීත කාමරයක මුණ ගැහුණු කල
කොතරම් පුදුමද මිතුර
ඔබට මා හඳුනන්න බැරි එක
සැලි සැලී ඔබ කරුණු කියන විට
තවන් නිල දන සිටින බැවින් අප වට
මේ මාය කියා මා හට ඔබට
කියාගන්නත් බැරි වුණු කොට
කඳුකරය මත අප දුව යන විට
වැටුණු මහ වැසි තවම වැටෙනවා හිත යට
Picture - John George Brown, 1831-1913
එවන් හමුවීමක්
ReplyDeleteතියයි අවදියෙන්
රෑ බොහොමයක්...
hm..
Deleteඅහා! කෙතරම් අපූරුද? අසඩක්වන් විනිසුරුවරියක වුව මැන!! යුක්තිය නම්වූ සුළඟින් නීතියේ සළුපිළි විවරව සත්‍යය මතුවන්නට ඉඩහල මැන!!!
ReplyDeleteකිසිවෙකුට කිසිවෙකුගේ විනිසුරෙකු විය නොහැක
Deleteපිළිගන්නවාද ඔබ?
එසේමයි, එකඟයි, තමන් ගැන තමන්ටම නිසි විනිශ්චයක් ගත නොහැකි සඳ කෙසේ විනිශ්චයක් ගන්නද අනෙකකු පිළිබඳව?
Deleteඅත්දැකීමක්ද? පුදුමයි. ලස්සනයි
ReplyDeleteස්තූතියි!!
Delete