Sunday, January 4, 2015

කොතරම් පුදුමද මිතුර



විභාගයට ගන්ට වූ තැන පැමිණිල්ල
මා ඉදිරිපිට පැකිළෙන සැලෙන ඔබ දැක
විස්මිතව ගොලුව ගියෙමි මම
සුමිතුර
පරණ අමතක මතක 'විත්
විශාල ජලාශයක් කලඹන්නට විය

මිටියාවතට දුව ගොස්
ගස් පාමුලෙහි සැඟවුණු
දිය ඇලි සොයා ගොස්
පව් මතින් කිමිදුණු
කොතරම් නුහුරුද නුපුරුදුද
අගනුවර සීත කාමරයක මුණ ගැහුණු කල
කොතරම් පුදුමද මිතුර
ඔබට මා හඳුනන්න බැරි එක

සැලි සැලී ඔබ කරුණු කියන විට
තවන් නිල දන සිටින බැවින් අප වට
මේ මාය කියා මා හට ඔබට
කියාගන්නත් බැරි වුණු කොට

කඳුකරය මත අප දුව යන විට
වැටුණු මහ වැසි තවම වැටෙනවා හිත යට

Picture - John George Brown, 1831-1913

7 comments:

  1. එවන් හමුවීමක්
    තියයි අවදියෙන්
    රෑ බොහොමයක්...

    ReplyDelete
  2. අහා! කෙතරම් අපූරුද? අසඩක්වන් විනිසුරුවරියක වුව මැන!! යුක්තිය නම්වූ සුළඟින් නීතියේ සළුපිළි විවරව සත්‍යය මතුවන්නට ඉඩහල මැන!!!

    ReplyDelete
    Replies
    1. කිසිවෙකුට කිසිවෙකුගේ විනිසුරෙකු විය නොහැක
      පිළිගන්නවාද ඔබ?

      Delete
    2. එසේමයි, එකඟයි, තමන් ගැන තමන්ටම නිසි විනිශ්චයක් ගත නොහැකි සඳ කෙසේ විනිශ්චයක් ගන්නද අනෙකකු පිළිබඳව?

      Delete
  3. අත්දැකීමක්ද? පුදුමයි. ලස්සනයි

    ReplyDelete