Sunday, January 6, 2013

දැන් ඉතින් දුක ඉවසන්න

සිහින ඇවිදන් යද්දි
මඟ ගියා නොපෙනී මඳදුරේ
දැන් ඉතින් දුක ඉවසන්න
පුළුවනිද මුදු සුදු සාවියේ
ජීවිතේ බිඳුණා නොවෙයි
මල් උයන් පිරි පලිඟුව වගේ
රන් තරුව පායයි ය ආයෙත්
අරන් සරුවත් නුබ කුසේ

හද බිඳින නිරිඳුන් කවුරුදැයි
කවුරුන්ද නුඹගෙන් අසන්නේ
පාද සලඹය වැයෙන ස්වරයට
සප්තපර්ණය පිපෙන්නේ
සියලු පැහැයන් එකතු කරගෙන
මුව ඇසක තෙත මකන්නේ
හද බිඳින නිරිඳුන කවුරුන්ද
කවුරුන්ද ඔබගෙන් අසන්නේ

pic. -
melissamccarthy

1 comment:

  1. මාර ගැටලු තමයි මනුෂ්‍යයින්ට එන්නේ...

    ReplyDelete