Tuesday, August 13, 2024

මා ඔබට පෙම් නොකළ එකදු දිනයක් නොවේ

ගංගා ගලායද්දී කලුවරෙහි කඳුකරේ
දුහුල් හිම කැටි බිඳී විසි වුණා කවි එළී
උදුල සඳෙළිය ගලා කඩදාසි නගරයේ
මා ඔබට පෙම් නොකළ එකදු දිනයක් නොවේ

ඔබ යනෙන මාවත් මා නොහඳුනනා 'මුත්
උදෑසන රාත්‍රිය පවා වෙනසක් 'මුත්
වැරෙන් අත මිරිකා ආදරේ බව ලියූ
කඳුකරේ මතකයම එදා වගෙ තව අලුත්


6 comments:

  1. This video is private

    අන්නේම වැටෙනව ලිංකුව ඔබපුවම.
    පස්සෙ දැක්කෙ වීඩියෝව..

    ඒක පට්ට..

    ඇත්තටම සිංදුවක් කරමු

    ReplyDelete
    Replies
    1. පබ්ලික් කළා 😊

      Delete
    2. අන්නේමයි ඉන්නෝන. ඔව්ව ජනප්‍රිය වෙන්න බැරි කමක් නෑ. එක පාරක් දෙපාරක් ශෙයා වුණා නං එච්චරයි

      Delete