Tuesday, February 13, 2024

ඔබ මට අවසාන කර ගත නොහැකි වූ ප්‍රේමය ය!


ඔබ මට අවසාන කර ගත නොහැකි වූ ප්‍රේමය ය
උදාවක් පිළිබඳ එළි බිඳකුදු නොපිරිසිඳ
ගගන පෙර දිග අලු පාට මිස රන් පාට නොවූ 'මුත්
පිපෙන හැම කුසුමම වියළන පිණිස ගිම්හාන සුළඟ සැඩ වුණ නමුත්
පසටම ඔබා කිසිවෙකුට නොපෙනෙන පිණිස වල දමා සිර කළ 'මුත්
යළි යළිත් පීදි පීදී, වියැළී වැටෙන හැම කුසුමුවනකම
නැවත නැවත පැවතෙමින් පෙරදාටත් වඩා බලගතු වෙමින්
නොදන්නා බව ඔබ රිසි කිසිවකුදු; රිසිතම සකුණ ද, රිසිතම කුසුම ද
රිසිතම දූපත ද රිසිතම සුවඳ ද රිසිතම පැහැය ද රිසිතම දර්.ශනය ද
ඉතා සුළු කාරණා බව පසක් කරමින් අවසඟව පාවෙන, ගිලෙන ඔබ දෙසටම
නෞකාවක්ද මගෙ හදවත, නැතිද අන් උපහැරණ 'හෙම?

- ෂසිකා අමාලි මුණසිංහ

4 comments:

  1. දකින හැම 'කුසුමුවනකම'.... ඉතින්
    නොදැක ඉන්නෙම්ද කෙලෙසක
    ගිලෙන්නටම තතනන
    නෞකාවක හැඩය....?

    ReplyDelete
  2. මේක කියවද්දි මතක් වුණා සිංදු පේලි දෙකක්

    දම් පාටින් සඳ මුහුණ පෙනෙනවා
    වෙන්වී යන මොහොතක් නෑඟෙයි
    දෑසට ළංව තවත් මේ මොහොතේ
    ගොළුවී ඉන්නෙමි මම්.

    නෞකාවකි ඔබ ඈත සමුදුරේ.. මා පහන් වැටයි මෑත ගොඩබිමේ...

    🤷🤷🤷🤷

    ReplyDelete