Tuesday, February 13, 2024

සතුට සහ ආදරය පුරවාගෙන ජීවත්වෙන්න..


පෙරළා ආදරය බලාපොරොත්තු නොවී ආදරය කරන්න පුරුදු වුණු දාට ජීවිතය ඉතාම ලස්සන වෙනවා.. මේක තේරුම් ගන්න සමහර විට ළඟා කරගන්න ජීවිතයේ සැලකිය යුතු අත්දැකීමක් ලබාගන්න වෙනවා. මොනවා වුණත් ඔහේ සතුටින් පිරීගෙන ඉන්න පුළුවන් එකත් ඒ වගේ දෙයක්..

හැබැයි ජීවිතේ එක තැනකදී තම තමන්ගේ 'තමන්ට අයිති නැති කෙනාව' අත් හරින්න වෙනවා.. White Moss (Belyy Yagel) කියන්නේ ඔන්න ඔය දේ ගැන හැදුණු සර්.බියා චිත්‍රපටියක්.. "Paper Towns" කියන ඉංග්‍රීසි චිත්‍රපටයෙත් අවසානයට ඒ දේ තමයි කියන්නෙ..

ඉතින් තමන්ට අයිති නැති කෙනාව අත හරින්න නිර්.භීත වෙන්න. ඒත් ඉතින් ආදරය කරන්න කාගෙන් තහනමක්ද..? කැමති නම් ආදරය කරමින් සතුටින් ඉන්න..

6 comments:

  1. කරදර වැඩි වෙන උපදෙස්!

    ReplyDelete
    Replies
    1. Lol... ආදරයෙන් පිරී ගිය හදවතකට පුළුවන් ඕනෑම සුළි සුළඟකට මුහුණ දෙන්න..

      Delete
  2. ඇතාඅරගන්න බැරුව නේන්නම් මෙච්ව්ර දඟලන්නේ....

    ReplyDelete
    Replies
    1. අයිති නැති කෙනෙක් එක්ක දිග ගමනක් යන්න හිතන එක යථාර්.ථවාදී නැහැ.. වැඩත් එක්ක කාර්.යබහුල වෙන කොට වේදනාව අත් හැරිල යනවා.. ලෝකේ ඉතින් කවුරුවත් ඇවිදන් නොගිය ලස්සන කඳු පාරවල් කොච්චර තියෙනවද?..

      Delete
  3. මේ ෆිල්ම් එක බැලුවෙ කොහෙන්ද. ටොරන්ට් ගන්න හොයාගන්න නං නෑ.

    ReplyDelete
    Replies
    1. https://youtu.be/ialAkf0pJBo?si=OtRMIYp9jvetEOYP

      Delete