Monday, June 25, 2018

අවංක රාජ්‍ය නිලධාරින් ඉන්නවාද?
























  
ඕ, ඩියර් ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල්
කොපමණ දුෂ්කරද
අවංකම රාජ්‍ය සේවකයා සෙවීම
සොරුන් සහ තක්කඩියන් අතර
ධවල පිළි හැඳි
ධවල කණකර බැඳි

අඳුරට ඇතුළු වුවහොත් ඔබ
දැනෙයි බර ඇති කඳුළක හැඩ
අන්ධකාරය අතර නොපෙනේ
අඳුරට බැහැර කළ මිනිස් ගුණ

සේවයෙන් පහ කළ මිනිසුන් අතර
තටු කපා තලා ලූ අය අතර
රජ මැතිඳු කිසිදා විවර නො කරන
දුක්ගැනවිලි පෙට්ටිය ඇතුළ
වැළපෙයි අවංක රාජ්‍ය සේවකයා
ඩිමෝට් කළ, පඩි කැපූ, වැටුප් වැඩිවීම් නොගෙවූ
ස්ථිර නොකළ අසත්‍ය චෝදනා ලා විනය පරීක්ෂණ කැඳවූ
හිඳී ඔහු සෘජුව නිසලව
උසාවියේ දිනූ, පැරදුණු, ඩිස්මිස් වූ නඩු අතර
හිඳී ඔහු හිනැහෙමින, අප්‍රකටව

කිසිදාක ඔවුන් ගැන නොලියැවේ පුවත්පත් වල
සුදු හැඳි කතුන් හා මිනිසුන් ගැන මිසෙක
කලුපාට පොරවා අඳුරට තල්ලු කළ අය අතර
වදනකුදු නොදොඩමින් හිඳී ඔහු, අප්‍රකටව

වැළකුමට සොරකම පය තියාගෙන ගියරයට
පිළිස්සුණු දෑත වණ දරාගෙන ඉක්බිතිව
සියක් තර්ජන ගර්ජන මැද
වැළපෙමින් සිනා වෙයි ඔහු, ඇය

මානව හිමිකම් නැත ඔවුන් හට
ගෙල කපා දැමුමට දිගු කළ කග මිස
වෙන කිසිදු අයිතියකුදු නැත ඔවුනට
නීතියේ සරණද රීතියේ සරණද..

නැවුණු නීති, තැලුණු නීති, නීතියේ හිඩැස්
සියල්ල අතර ගැහැට දරමින්
ජීවත් වෙයි තවමත් ඔහු නිහඬවම

සොයා ගත හැකිද ඔහු පහසුව
කවරක්ද සාක්ෂි අවංක බවට
පැසසුම් නොමැත, ගැරහුමය හැම තැන
ලිපිගොනුවල කාර්ය සටහන් විවර නැත මහජන හට
තොරතුරු පනත විවර නැත
කිරුළු ලෑමට ඔවුනට

ගල් මුල් පහර මිස
නොදරයි ඔහු කිසිවක්
මුදලට ලැදි බහුතරය ඇති රටක
සුළුතරය අතරත් සුළුතරයකි ඔහු, ඇය

නොහඳුනනයි ඔහු කිසිවෙක්,
මරණ බයෙන් ළතැවෙන 'මුත්
මරණය මෙන් නිහඬය ඔහු සටන

හොයා ගත හැකි නම් ඔවුන්
කඳුලක බරිනි; සුසුමක සරිනි!

- ෂසිකා අමාලි මුණසිංහ

Picture - http://epaper.dinamina.lk/art.asp?id=2018/06/25/pg11_2&pt=p&h=
Other Links : http://www.integrityidol.lk/

5 comments:

  1. I have met few govt. servants with high level of integrity.

    ReplyDelete
    Replies
    1. I am a gvt servant and I experience the worst part of gvt servants in the absence of integrity these days.

      Delete
  2. කඳු පාමුල සිටිමි
    කඳු මුදුනත දකිමි
    කඳු මුදුනත සිටද
    කඳු පාමුල දකිමි

    ReplyDelete