බස්වලද දුම්රියවලද පාපුවරුවේ
දහදියෙන් පෙඟි පෙඟී
මිනිසුන් උදේ රෑ ගමන් යන රටක
පුපුවරුව දිරා බිඳී කැබලිතිවලට
හීන අහුරුත් අරන් මිනිසුන් මිය යන රටක
මුන් මිනිස්සුද හිරිකිත නැතුව
ඉල්ලන්න වාහන?
ගැබිනි මවුවරුන් ලිස්සා යතැයි බියෙන්
අල්ලාගෙන නණ කැඩුණු කුඩ
ඇවිද යද්දී වැහි වහින පාරවල
විඩාපත් වී දුකින් වෙහෙසින්
තෙතබරිත සාරි මෙල්ල කර ගනිති ගැහැනුන්
පාපුවරුවට නැඟගනු බැරුව
අන්තිම රියත් මඟ හැරුණු මිනිසුන්
මුන් මිනිස්සුද සූරා කන්න එහෙව් මිනිසුන්?
කට්ට කළු වුණු පිළිස්සුණු සම ඇතිව
කරකුට්ටං වී ගිනියමේ මහ පාරවල
එදා වේලත් නැතුව සාගින්නෙ තැවෙන මිනිසුන්
වැඩ පලේ නිම් නැතුව දහදිය පෙරන මිනිසුන්
රළු ගැහුණු දෑත් එක්කොට එකට බැඳ
හෙට දවස හොඳ වෙන්න දුක දරන මිනිසුන්
උන්ගේ දුක් කඳුළු කඳු මතින් ඉහළ නැඟ
මුන් මිනිස්සුද සූරා කන එහෙව් මිනිසුන්?
No comments:
Post a Comment