පූරියක් වගේ පිම්බෙන්නෙ සඳ
මඩොල්සිමෙන් එබීගෙන හැන්දෑවට
මොට්ටුව වැහෙන කොට අඳුරට
දෑසමන් සුවඳ ඉසින හිසකෙස
තාරුකා'ළිය ඉරබටු තරුව
දිය කඳුරු ඉහිරෙයි කඳු ඉවුර
නීලමණි නෙතු යුග සොඳුර
නොලියැවෙන කවියද මධුර
රෑ බදුල්ලන් වගේ තැන තැන
එළිය දෙන තරු පලිඟු නුඹ ගැන
සීතලම සීතලයි කඳු උර
උණුසුමයි හද!
Picture - Sophie Narses http://bit.ly/1IB60lw
මඩොල්සිම කිව්වාම මතක් වෙන්නේ "තරා මගේ දෙව්දුව"
ReplyDeleteලස්සනයි :)
ReplyDelete/ සීතලම සීතලයි කඳු උර /
ReplyDeleteහිස තබමි පහත්වී හෙමිහිට,
මිහිදුමට මුවාවෙන තරුකැට,
කිම කියන රහස නොමවැටහෙන,
සීතලෙන් සීත මදනල
ReplyDeleteකෝල වී නටයි හිස වට
පීත පෑ කිරණ ඉසඉස
මෝදු වී පිපෙයි පුරහඳ
වාරුවක් නැතිව පාවෙන
මීදුමකි මියැදි ස්නේහය
පාලුවෙන් මියෙන සවසක
හාදුවක් තියයි නළලත
සීතලෙන් සීත හදවත
පාරවන සැතක් මතකය
වීරියෙන් කලත් අමතක
තාම ඇස් තෙමෙයි ඉඳහිට