Thursday, January 29, 2015

බිඳී යන තත් ළවැල්ලෙහි



සිඳ බිඳී යන සිතුම් පැහැයකින් දල්වලා
වැසි කලෙක සිප ගනී සිඳු කඳුළු වැහි වලා
අතරමං වූ විහඟ පියාපත් අතරතින්
ඇදී එයි ගීතයක් ඇරඹුමද නිමද නැති
උදම් රළ මෙන් පතිත ඉහළ නැඟ දිය යළිත්
පෙමක් සිය අතින් ගෙන රළ අතර සැඟව යන
ජීවිතය දෙස බලා අඩ ඇසින් සැණ බිඳෙක
ඈ ඇවිද ගිය අයුර ළවැල්ලෙහි තබා පිය
කටු දහසක් ඇනී නිමේෂෙක අවුලුවන
බ්‍රහස්පති තාරකාවක් විලස ගෙන මතක
නිශාවෙහි ගන අඳුර ඉරා මතුවෙන එළිය
රළ අතර බිඳී යන රිදී කවියකි දෙනෙත
ශෝකයෙන් විඩා ගත් විට බිඳී යන තත්
අහුල ගනු විලස ගන අඳුරු රැය මඟට 'විත්
ශෝකයද ප්‍රේමයද නුසුන් කල්පනා ලොව
මිටට ගෙන ඉකි ගසන ළවැල්ලෙහි වැතිරගෙන

Picture - Mark Keathley

2 comments:

  1. ලස්සනයි කවි පද ටික .. ඔන්න අදමයි මේ කන්දට නැග්ගේ .. සුබ පතනවා ඉදිරියට නිර්මාණ කරන්න..

    ReplyDelete