Tuesday, January 27, 2015

ප්‍රීතියෙන් පසුවන්න



මිහිරි නැත කිසි විටෙක
ප්‍රේමය තරමටම අල්ලාගැනීම
කඳුකරය මෙන් ඇස නොසනසවන්නෙය
රිදවන්නෙය එක පෙළට
දැරිය ඔබ
ප්‍රීතියෙන් පසුවන්න
නුවමනා ලෙස වැඩ නොකරන්න
නොබැඳෙන්න

අස්ථිර ලොව අසුරු සැණකින්
ඕනෑම දෙයක් නැති විය හැකිය
ලද දෙයට වඩා දෙන දෙය සිතන විට
ලැබෙන දෙය ගැනම සිතන'යට වඩා පසුපසින් විය හැක
රළු වදන් නැතිව මුදු වදන් පැමිණි කල
බොහෝ දෙය ගිලිහිය හැක

දැරිය ඔබ ප්‍රීතියෙන් පසුවන්න
රෝස මල් පෙති මත වැතිරෙන්න

Picture - Sally Swatland

3 comments:

  1. අල්ලාගනු එපා..
    හැම දේම එපා වෙයි
    මිහිරි බව නැතිවෙයි
    අල්ලාගනු එපා

    ReplyDelete