Thursday, July 18, 2013

මම අසුබවාදියෙක්මි



මම අසුබවාදියෙක්මි
ජීවත්වන්නෙමි
සුබවාදීන්ටද වඩා
නිර්මල ව
එහෙත් මා කිසිදු මිනිසෙකු
අසුබවාදයට ඇද දමා නැති බව
ස්ථිර ව ම කිව හැක

අකල්හී වට නිලජ්ජි වැස්සට
දුර්මුඛ ව වෙව්ලුම් ලත්
කඳුළ බිහිසුණු ව
විසුණු කළ බැවින් ජීවිතය
හදෙහි උණුසුම කිරා නොවිකුට
හාමතෙහි උන්
අසුබවාදියෙක්මි මම
අනිසි ඉනිමං කඩා විසි කළ

ඉඳින් සුබවාදී මිනිසුනි
ගරු නම්බු පිට රැක ගමි
අසුබවාදී ලේබලය මම

Picture - Marek Langowski

2 comments:

  1. සේකර මතක් උනා. ඒ වගේම ඔය වගේ මම ලියපු කවියකුත් මතක් උනා..

    ReplyDelete
  2. සෑම සුභවාදියෙක් තුල වුවත් කුඩා කොනක හෝ අසුභවාදියෙක් ලැගුම් ගෙන සිටී.

    ReplyDelete