Monday, July 1, 2013

ඔත්පල වූ කඳුළක් ළය මත ලිහමි



දුෂ්කර වූ මුදුනක් කඳු නැඟි පවිනි
කඳු බඩ ජීවිතය සොඳුරත් අත හැරිණි
උදයේ කණිසමට ඇලවුණු ඇස් අරිමි
ඔත්පල වූ කඳුළක් ළය මත ලිහමි

පිට කොදු රිදෙයි ජීවිතයේ නොනැවත ම
හද බස බරයි නිවැරදි බව හා ගෙතුණ
අත් පා කිලිටි මිනිසුන් දිනුමට ඇදෙන
තත් කාලයකි හද බිඳි ඉකියක් නැගෙන

[උදය ම නැගී දුප්පත්කම බතට ඔතා
බස් අතරෙහි සොයමි දිවි නැවතුම නොදැකා
සොච්චම අතට ගමි මාසය ගෙවුණු තකා
බිල්පත් ඔරවන්නෙ නොදැන ම සිතක දුකා]


pic. - Do Duy Tuan

No comments:

Post a Comment