Tuesday, July 30, 2013

අත් සහ සිරුරු ගොඩක්

Mother and Baby Snails
හිනාවෙන්නට අමතක ව ගිය
කරුණාවන්ත වන්නට
මතක නැතිවුණු
අත් සහ සිරුරු ගොඩක්
පොත් හා පොර බදන
රෙජිස්ටර කුවිතාන්සි පෙරළන
වැඩ සහ වැඩ බව හඟවන
එන එන අයට හිතින් බනින
වෙනසක් වන්න
තේරුමක් නැතිවුණ
එක අතකට හරි අසරණයො
ලොකුකම් පාන්ඩ ම තැත් කළ ද
හුස්මක අරුත් අමතක වුණ

කන බොන නාන
දරුවන්ට උගන්නන්ඩ ම වෙර දරන
කලදසාවකැයි සිතාගත් දෙයකට
හොඳින් හෝ නරකින් පොර බදින

එයත් නොව පුදුමය
කිසිවක් ම නොදැනුම
අනුන්ගේ කාලය, වෙහෙස ගැන
කිසිවක් ම නොදැනුම
වේදනය වනු පිණිස
සංවේදක නොමැති වුණ

මූලාශ්‍රය - රජයේ කන්තෝරුවලට ගොඩ වැදෙන මට සුලබ ව හිතෙන දෙය



Picture - I don't know the owner of this picture, quoted from Bert Christensen's Cyberspace. I love this picture and respect the ownership. Please contact me, if it's you!!!

No comments:

Post a Comment