Monday, July 15, 2013

හාදුවක් හිත අගට එයි



වසන්ත නිද්‍රාව නිමවන්න ළඟයි කෙවිලියේ
අර ඈත කෝවිල ඉහළ සුදු සඳ නැඟෙයි
ආලෝක බිමක සිට නික්ම එන රැස් වළලු
ඔබේ හා මගේ පෙම වගේ

ඔය හැටි ම නළවන්න එපා මුදු රන් කියඹු
අහඹු සුළඟත් හමා එයි
ඇද වැටෙන තරු දුටිද අහස කොණ හිනා වෙන
ජීවිතේ සිහිනයක් වෙයි

ආදරෙන් ළංවෙන්න හිත හිතා නොම ඉන්න
කාලයත් තුරඟ වෙස් ගයි
නිමාවෙන්නට පළමු සීතලෙන් මුළු රැය ම
හාදුවක් හිත අගට එයි

Picture - Colin Staples, http://www.colinstaples.com.au/

No comments:

Post a Comment