අර ඈත පෙනෙන පොඩි නිවස නුඹේ හදවතද
තුරු පත් සිරුර මත ඇඳී යන ස්නායුවක පටු මඟ දිගේ
සොයා නුඹ රුහිර වේගයෙන්
පැමිණෙන්නද මා
නැවත විසිකර බොහෝ ඈතට අලුතෙන් පැමිණි කාලය
රිදුම් දෙන නිසා ඈත් වුණු
දුඹුරු පෑ ඇසක තුහින මානය
ඉතින් නුඹට දෙනු පිණිස
අලුතින් ම ලියාගෙන කවියක්
බිඳී ගිය පද විසිර ගිය සියලු 'කුරු
ගවුම් ගොටුවක ඔතාගෙන
තියා නුඹෙ හිත නොරිදෙනා කුඩා අඩි..
Pic. - Alexander Kiselev, Russian, 1838 - 1911
No comments:
Post a Comment